Breaking News

Wednesday, November 13, 2013

රජයට එරෙහි ත්‍රස්තවාදී ක්‍රියාදාමයකට අසාද් සාලි සූදානම්. දකුණු ඉන්දියාවේ ජූනියර් විකාඩන් හෙළි කරයි.

ශ්‍රී ලංකාව තුළ යළි ත්‍රස්තවාදයක් ඇති කිරීමේ අසාත් සාලිගේ කුමන්ත්‍රණයක තොරතුරු හෙළිවේ. පසුගියදා ඉන්දියාවේ "ජූනියර් විකාඩන්" සගරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී ඇති ජාතික එක්සත් පෙරමුණේ ලේකම් අසාත් සාලි ත්‍රස්තවාදයකට නායකත්වය දීමේ තොරතුරු හෙළිකර ඇත. මේ වන විට ශ්‍රී ලංකා රජයට එරෙහිව දෙමළ ත්‍රස්තවාදය නැගී සිටියා මෙන් මුස්ලිම් ත්‍රස්තවාදී සන්නද්ධ ක්‍රියාදාමයක් තුළින් රජයට එරෙහිවීමට කටයුතු කිරීමට සිදුවන බව ද අසාත් සාලි ප්‍රකාශ කරයි.

මුස්ලිම් ජනතාවට සන්නද්ධ වීමට හැර වෙනත් විකල්පයක් නැතැයි ද වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් අසාත් සාලි කියා සිටී. "දැන් ඇත්තේ ආයුධ අතට ගැනීම පමණි. ඒ සදහා ශ්‍රී ලංකාව තුළ පරිසරය සැකසී ඇත. මුස්ලිම් සන්නද්ධ ක්‍රියාදාමයකට රජයට එරෙහිව ක්‍රියාකිරීම සදහා තමන්ද සහයෝගය දක්වන බවට අසාත් සාලි ප්‍රකාශ කොට තිබේ". මෙය සෘජුවම ත්‍රස්තවාදයට අනුබල දීමක් ලෙස ආරක්ශක විශ්ලේෂකයෝ පවසති. ශ්‍රී ලංකාවේ පවතින නීතිය තුළ ත්‍රස්තවාදයකට අනුබලදීමේ ප්‍රකාශ කිරීම, ඒ සදහා උදව් කිරීම, ඒ වෙනුවෙන් පෙනී සිටීම දැඩි දඩුවම් ලැබිය හැකි වරදකි. ශ්‍රී ලාංකේය පුරවැසියෙකු ලෙස අසාත් සාලි පවතින නීතිය පවා උල්ලංඝනය කොට ඇතැයි නීති විශාරදයෝද කියා සිටිති.

පසුගිය දා විපක්ෂ නායකයා සමග උතුරට ගිය අසාත් සාලි උතුරේ අධි ආරක්ෂිත කළාප ඉවත් කළ යුතු යැයි කියමින්ද හඩ නැගූවෙකි එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ජාතිවාදය ඇවිස්සීමේ SMS කෙටි පණිවුඩ යවමින් මුස්ලිම් ජනතාව ප්‍රකෝප කිරීමේ චෝදනාවක් ද අසාත් සාලි වෙත එල්ල වී ඇත. දෙමළ ඩයස්පොරාව සමග සෘජු සබදතා පැවැත්වීමක් ගැනද තොරතුරු හෙළිව තිබේ. රට යළි අරාජික ‍කර ත්‍රස්තවාදී ක්‍රියාදාමයක් වෙත යොමු කර වීමේ කොටි හිතෛශී දෙමළ ඩයස්පෝරාවේ උත්සාහයට අසාත් සාලි සෘජු දායකත්වයක් දක්වන බවටද චෝදනා එල්ල වී ඇත. මානුශීය මෙහෙයුමේදී රණ විරුවන් ජීවිත පරිත්‍යාගයෙන් කළ කැප කිරීම "දෙමළ දඩයමක්" ලෙස පසුගිය ‍දිනෙක ඔහු හදුන්වා තිබිණි. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව කෙරේ ඔහුගේ ඇති වෛරයත් දෙමළ කොටි හිතවාදයත් එයින් මනාව තහවුරු පෙන්නුම් කරයි.

අසාත් සාලි රජයට හා සිංහල ජනතාවට එරෙහිව යුධ ප්‍රකාශ කරත්දී ඔහුගේ අනිසි බිරිය හරහා අනිත් පසින් ක්‍රියාත්මක කරන දෙපිටකාට්ටු වැඩපිළිවෙලේ තතු දැන් හෙළිදරව් වෙමින් පවතී. පසු ගිය දිනවල බොදු බල සේනා සංවිධානයේ හිමිවරුන්ට විනය කියා දීමට රැස්වූ, බෞද්ධයින් යැයි හදුන්වාගෙන බොදු බලවේගයට එරෙහිව ඉටිපන්දම් දැල්වූ "නයිට් කල්බ්" කල්ලිය  මෙහෙය වූයේ අසාත් සාලිගේ අනියම් බිරියක වන ඉෂිකා ෆාතිමා රියාල් නමැත්තිය බවට දැන් තොරතුරු හෙළිදරව් වී තිබේ. එමෙන්ම 28 වැනිදා බෞද්ධ බලවේගයට එරෙහිව නෙළුම්පොකුණ රගහල අසලදී පැවති "එකමුතුව සදහා ජන රැළිය" ලෙස හදුන්වාගත් පෙළපාලියටද මැය සම්බන්ධ වී සිටින එන් ජී ඕ සංවිධාන ක්‍රියාකාරීන් සහභාගී වී තිබේ. එම අවස්ථාවට යුධ සමයේ කොටි ත්‍රස්තවාදීන් මුස්ලිම් ජනතාව පවා පෙති ගසද්දී ඒ වෙනුවෙන් කටක් නෑරීමට වග බලාගත් මුස්ලිම් සංවිධානවල නිවටයන්ද සහභාගී වී තිබුණු අතර සර්වාගමික බලුපූට්ටු කරුවන් රැසක්ද ඒ අතර විය.

අන්තවාදී මුස්ලිම් සංවිධාන හතරක් රට තුළ ක්‍රියාත්මක වී තිබෙන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුව පසු ගිය දිනවල හෙළිකර තිබිණි. එමෙන් ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්තවාදීන් පුහුණු කරන කදවුරු නැගෙනහිර පළාතේ සහ පුත්තලමේ ක්‍රියාත්මක වූ බව "විකිලීක්ස්" රහස්‍ය වාර්ථා වලින්ද හෙළිදරව් කර තිබිණි. එමෙන්ම විවිධ පුණ්‍ය ආයතන නාමයන්ට මුවා වෙමින් අරාබි මුස්ලිම් සංවිධාන රාශියක් රට පුරා ස්ථානගත වී තිබේ. ඒවා හරහා වහාබි, සලාෆි, වැනි බිහිසුණු අන්තවාදී ඉස්ලාමීය දේශපාලන මතවාද මුස්ලිම් සමාජය තුළ පතුරවමින් සිටින බවද රහසක් නොවේ. අසාත් සාලි වැනි දේශපාලන ඉත්තන් ලවා මේ එළි බහින්නේ ද ඒ අන්තවාදී සංවිධානවල මතවාදයන් ය.

"බුරන බල්ලන් හපා නොකාවි" යැයි සිතා මේ පිළිබදව අපට නිහඩව සිටිය නොහැකි වන්නේ ඉස්ලාම් අන්තවාදය නමැති බල්ලා පිළිබදව අප හොද වැටහීමකින් සිටින නිසාය. කලින් බෞද්ධ හා ක්‍රිස්තීයානි රටවල් වූ ද දැන් මුළුමනින්ම ඉස්ලාම්කරණය වී ඇති රාජ්‍යයන් තුළදී මොවුන්ගේ අතීත හැසිරීම හා ගෝලීය ඉස්ලාම්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් ඒ පිළිබදව හොදින් වටහාගත හැකි වේ. ඒ අනුව ඉස්ලාම් නොවන රටකදී එහි බහුතර ජනගහනයට සාපේක්ෂව ඉස්ලාම් ජනගහනය ආසන්න වශයෙන් 10% ක පමණ අගයක් ගනිද්දී  ඔවුන්ට වෙනම අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීම ආරම්භ කරයි. තමන්ගේ ක්‍රමයට (හලාල්)ආහාර ගැනීමේ අයිතිය ඉල්ලයි. ඉස්ලාමය අනුව ඇග වැහෙන ආකාරයේ ඇදුම් (ගෝනිබිලි) ඇදීමට මුස්ලිම් ස්ත්‍රීන්ට බල කරයි. තමන්ගේම නීතියක් (ශරීයා)යටතේ පාලනය වීමේ අයිතිය ඉල්ලයි. මේ සෑම දෙයක් හරහා ම උත්සහා කරන්නේ සමස්ථ සමාජයෙන් මුස්ලිම් සමාජය වෙන් කර වෙනම හිතන පතන පිරිසක්‍ ලෙස මුස්ලිම්වරුන් සමාජීය බෙදුම්වාදයකට ලක් කිරීමයි. ඉන් පසුව මහා ජාතියේ සිතුම් පැතුම් සමග සම්මිශ්‍රණය වී සහයෝගයෙන් වාසයකළ සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය වහාබි, සලාෆි, ජිහාද් වැනි අන්තවාදී ආගමික මතවාදයන්ගෙන් සන්නද්ධ කරයි. ඒ හරහා බිහිවන්නේ එතෙක් මහා ජාතිය සමග අන් ආගමික මතයන්ද ඉවසමින් තරමක් හෝ සාමාකාමීව වාසය කිරීමට කැමති වූ සාම්ප්‍රධායික මුසල්මානුවා වෙනුවට, ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සූදානම් වූ අන්‍යාගමික මතවාද පහත්කොට සළකන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආගමික ත්‍රස්තවාදියෙකි. එහි ඊළග ඉදිරි පියවර "අල්ලාහ්ගේ නාමයෙන්" ඉවක් බවක් නැතිව අන්‍ය ආගමිකයන් පෙති ගහන අහස පොළොව නුහුළන මහා ජනඝාතක සංහාරය හෙවත් ජිහාද් යුද්ධයයි. 

බංග්ලාදේශයටත්, ඇෆ්ගනිස්ථානයටත්, පාකිස්ථානයටත්, ඉන්දුනීසියාවටත්, නයිජීරියාවටත් සෙසු සාමකාමී ලෝකයටත් පොදු වූ ගෝලීය ඉස්ලාම් ව්‍යාප්තවාදයේ බිහිසුණු ස්වාභාවයයි මේ. අද අපගේ පුණ්‍ය භූමිය තුළද යහමින් ක්‍රියාත්මක වන්නේ මේ සාහසික ව්‍යාපෘතියේ මුල් පියවර බව සමාජයේ ඇස් කන් ඇරගෙන ජීවත් වන ඔබට වැටහිය යුතුය. හලාල් හරහා සිදු කරමින් පැවති සමාජීය බෙදුම්වාදී ව්‍යාපෘතියේ අවසානය පිළිබදව තවමත් හරි පිළිතුරක් අපට ලැබී නොතිබුණත් සමස්ථ සිංහල සමාජයේ එකමුතු වීම හරහා හලාල් ත්‍රස්තවාදය අන් රටවලදී තරම් සාර්ථකව ශ්‍රී ලංකාව තුළදී ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට නොහැකි වී තිබේ. එහෙයින් මුස්ලිම් අන්තවාදයේ ඊළග පියවර ක්‍රියාත්මක කිරීමට ඔවුන් සූදානම් වනවද? අසාත් සාලි වැනි නිවටයන් ලවා සිදු කරන මෙවැනි බරපතල ප්‍රකාශ හරහා ඉගි කරන්නේ හෙට අනිද්දා හෝ නුදුරු අනාගතයේ දී ජිහාද් ක්‍රියාකාරකම් රට තුළ ක්‍රියාමත්මක විය හැකි බවද?  එහෙයින් තවත් කල් නොයවා මේ බුරන බල්ලන්ද උන්ගේ හාම්පුතුන්ද වහාම මේ රටින් තුරන් කර දැමීමට පියවර ගත යුතුය.   

TheSword-කඩුව ‍|facebook Magazine‍|‍2013.04.30

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates